Colombo Today Local News

රිෂාඩ්ට සී.අයි.ඩී.ය ඇතුළෙන්ම ඔත්තු | නිලධාරිනියන් ‌දෙදෙනකුට මාරුවීම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ රහසිගත විමර්ශනවල තොරතුරු පිටතට දුන් එහි අභ්‍යන්තර ජාලයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙන බව අද ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මේ අනුව මෙම ජාලයට සම්බන්ධව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක ස්ථානාධිපතිවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

චෝදනාවට අදාළ නිලධාරිනියන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ්‍ නිලධාරියකුගෙන් කළ විමසුමකදී අනාවරණය කළේය.

දුරකථන ජාල පරීක්ෂාවකින්ද මෙම සංවිධානාත්මක කණ්ඩායම ගැන ​තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරිනිය මීට පෙර බදියුදීන් යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කර ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණි අයෙකු බව අනාවරණය වී ඇත. එම නිලධාරිනිය සී.අයි.ඩී.යේ. විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරිවරයකුටද විමර්ශන නිලධාරිනියකටද කතා කර හිටපු ඇමැති බදියුදීන් සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා බලා ඇතැයිද හෙළි වී ඇත.

විශ්‍රාමික පොලිස් නිලධාරියා හිටපු ඇමැති බදියුදීන්ගේ ආරක්ෂක කටයුතු භාරවද කටයුතු කර ඇති අයෙකි. කොල්ලුපිටියේ නැව් ඒජන්තයකු මාර්ගයෙන් හිටපු ඇමැතිවරයා මෙම නිලධාරියා යොදවාගෙන අභ්‍යන්තර විමර්ශන ගැන තොරතුරු ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ. මෙම නිලධාරියාට සම්බන්ධ වූ සෙසු නිලධාරින් සොයා පුළුල් විමර්ශනයක් ඇරඹී ඇත.

මේ අනුව බදියුදීන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දූෂණ, වංචා චෝදනා රැසක් යටතේ විමර්ශන සිදුකරයි.

Related posts

අටුළුගම දැරිය ඝාතනය : 29 හැවරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday

රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක්- විපක්ෂ නායක සජිත් කියයි

colombotoday

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

colombotoday

විදෙස් මුදල් මාරු කිරීමේදී ඩොලර් වලට අමතර දීමනාවක්

colombotoday