Colombo Today Local News

ඥානසාර හිමිගෙන් මිලියන 500ක් ඉල්ලා රිෂාඩ් දැමු අපහාස නඩුව ඉල්ලා අස්කරගන්න ඉල්ලයි.

විල්පත්තු වන විනාශය පිළිබඳව හෙලිකිරීම හේතුවෙන් තමාට අපහාසක් වූ බවත් ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වන්න්දි ගෙවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ගොනු කර ඇති අපහාස නඩුව ඉල්ලා අස් ගැනීමට සුදානම් බව ඒ මහතාගේ නීතිඥවරුන් අද (1) අධිකරණයට දන්වා ඇත.

සමතය සලකා බැලීම සඳහා මාර්තු 17 මෙම නඩුව යලි කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයේ කරුණු දැක්වූ අතර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ අචින්ත්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත සංජය මාරඹේ මහතා පෙනී සිටින ලදි.

Related posts

ඇඳිරිනීතිය බල්ලට දා රේස් පදිමින් පොලිසියට වෙට්ටු දැමූ පිරිසක් අල්ලයි

colombotoday

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin