Colombo Today Local Newsfeatured

රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට සිටි ද්‍රවිඩ දැරියක් පිලිස්සී මිය යයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ බොරැල්ල නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ 16 හැවිරිදි දැරියක් අද(15) කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබේ.

හැටන් දියගම වතුයායේ පදිංචි මෙම දැරිය ගිනි තබාගෙන ඇති බවට සැක කෙරෙන අතර, පිලිස්සුම් තුවාල සහිතව පසුගිය සතියේ රෝහලට ඇතුළත් කර ඇත.

ඇය මුළුතැන්ගෙයට යාබද කාමරයක නවාතැන් ගෙන සිට ඇති අතර එහි තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් පොලිසිය සොයා ගත් බව වාර්තා වේ.

ඇගේ ඇඳුම් ගිනිගෙන තිබියදී ඇය කාමරයෙන් එළියට පැමිණි බව නිවැසියන් පවසා ඇත.

බොරෙල්ලා පොලිසිය මෙන්ම රජයේ රස පරීක්ෂකවරයාද නිවසට ගොස් සිද්ධිය සිදුවූ ස්ථානය පරීක්ෂා කර තිබේ.

Related posts

සනත් නිශාන්තට සිතාසි

colombotoday

මහ සයුරේ විස්කම් පෑ, යහපාලනය විලංගු දැමූ කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

colombotoday

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

ඩොලර් නැතිව මුදාගැනීමට නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday

නිහාල් අබේසිංහගේ මෝටර් රථය දියවන්නා පොකුණේ

Admin