යහපාලනය ක්‍රියාත්මක කිරීමට ගොස් “බිල්ලක්“ වීමට සිදුවූයේ තමන්ට යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති. මාදම්පිටිය, හේනමුල්ල “මෙත්සද“ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.
ප්රජාතන්ත්රවාදය වළලා තිබුණු අවස්තාවක යහපාලනය ගෙන ඒම සදහා තමන් ඇතුළු පිරිස දිවි පරදුවට තබා ඉදිරිපත්වූ බවත්, එම අතීතය අමතක නොකළ යුතු බවත් කියා සිටි ඇමතිවරයා, සිය කතාව නිමා කළේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක් ගායනා කරමිනි.