Colombo Today Local News

කොවිඩ් මර්දන අරමුදලට මාසික වැටුප හෝ ලබා දෙන්න | මන්ත්‍රීවරුන්ගෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

“කොවිඩ් මර්දන අරමුදලට මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප හෝ ලබා දෙන්න” යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙසේය….

කොවිඩ් වසංගතය සීග්‍රයෙන් රටපුරා පැතිර යන මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා රජයට සහයෝගය ලබාදෙන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය දානපතියන්ගෙන් ඊයේ දිනයේදී ඉල්ලා තිබුණි. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා ජනතාව අනිවාර්යෙන්ම සිය දායකත්වය ලබාදීම කළ යුතුව ඇත. ඒ අනුව මෙරට සමස්ත ජනතාවගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ ඒ සදහා සිය මූල්‍යමය දායකත්වය තමන්ට හැකි අයුරින් ලබාදෙන ලෙසයි.

තවද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන්ද අප ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මුල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි.

බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් වන අතර සමහර මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට මත්පැන් බලපත්‍ර ඇත. පවතින කොවිඩ් වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් හා වෙනත් වියදම්ද අඩුවී ඇත. එම නිසා රජය මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී මානව හිතවාදීන්වන සියලුම පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අප සංවිධානය ඉතා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි. අවම වශයෙන් මසක හෝ දෙකක වැටුප මේ සදහා පරිත්‍යාග කරන ලෙසයි.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

colombotoday

Artificial Intelligence පෙන්නන්න ගිහින් හත්පොළේ ගාගනී… උගතුන් හා තරුණ පරපුර ගොනාට ඇන්දුවේ යැයි චෝදනා !

colombotoday

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

colombotoday