Colombo Today Local News

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි එන්තරවාසියක් යවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය පසුගිය 10 වැනි දා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී බලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ලිපියක් මගින් දැනුම් දුන් බවට කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මගින් යවා ඇති මෙම එන්තරවාසිය අනුව දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත.

Related posts

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

Admin

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් – මහනුවර පාසල් 18කුත් ඒ අතර

colombotoday

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday