Colombo Today Local News

රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා – රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් විශාල නවීකරණයක් සිදුවිය යුතු බව යි.

යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට අවශ්‍ය නැති බවත් රතු මුහුදේ අපේ වගකීම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාළිය ට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි ඉදිරියට යන්න නම් රටේ විශාල නවීකරණයක් සිදුවෙන්න ඕනේ. අපි අපේ කලාපයේ ස්ථාවර භාවය ආරක්ෂා කරගන්න ඕනේ. සාමයට ස්ථාවරභාවයට අනතුරක් වෙනවා නම් ඒක අපේ රටට වෙන අනතුරක්. අපි සියලුදෙනාම තනි තනිව ලෝකයේ ජීවත් වෙන්නේ නැහැ.”

“ලංකාව වගේ රටක් යුද්ධයක් කරලා පළපුරුදු රටක් පැත්තකට වෙලා ඉන්න ඕනේ නැහැ. එහෙම කළොත් අපේ යුතුකම අපි ඉටු කරන්නේ නැහැ.”

“අද රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා. අනාගතයේදීත් අපි සූදානම් වෙන්න ඕනේ.

මෙය චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේදී එය පැවැත්වුණි.

Related posts

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin

“සීමා නීර්ණයට තව කලක් යයි.. පුංචි ඡන්දය දැන්ම බැරිවෙයි“- ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday