Colombo Today Local News

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේ දී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් ජනාධිපතිතුමා වෙත ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලිපියක් යොමු කර ඇත.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
අතිගරු ජනාධිපති,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,

ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01,

ගරු ජනාධිපතිතුමනි,

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගේ අවිනීත ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නිළ ස්ථාවරය කුමක්ද?.

2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදු කළ ප්‍රකශ කිහිපයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත.

ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මත පදනම්ව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ත්‍රස්තවාදී කටයුතුවල නිරත වූ කොටි සංවිධානය සහ මාක්ස්වාදය මත පදනම්ව සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් ආණ්ඩු  පෙරලියක් උදෙසා කැරළි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි පුද්ගලයෙක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීම කණගාටුවට කරුණකි.

“රණ විරුවන් අතින් ත්‍රස්තවාදීන් නොවන අය ද ඝාතනය විය” යනුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සිදු කළ ප්‍රකාශය රජයේ නිල මතය නම් එසේ කී දෙනකු, කවර දිනයන්හි, කවර ස්ථානවලදී ඝාතනය වීද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තවද “දෙමළ සංහාර දිනයක් සැමරීම ප්‍රශ්නයක් නොවේ” යනුවෙන් සිදු කළ ප්‍රකාශය සාමයට ලැදි සියලු ජනතාවට, ත්‍රස්‌තවාදය පරාජය කළ රණවිරුවන්ට කළ බරපතල අපහාසයක් ලෙස අපි දකින්නෙමු. කොටි ත්‍රස්තවාදය මෙන්ම ඔවුන් මෙහයවූ මතවාදය පරාජය වීම වැලැක්වීමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මෙවන් ප්‍රකාශයක් කිරීම විමතියට කරුණක් නොවූව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු සිදු කළ මෙම අවිනීත ප්‍රකාශ ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස අපි දැඩි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.

තව ද  උක්ත කරුණු සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ රජයේ නිළ ස්ථාවරය ද නොඑසේනම් ඒ පිලිබඳ ඔබතුමාගේ සහ රජයේ නිල ස්ථාවරය කුමක්ද යන්න අප්‍රමාදීව රටට හෙළි කරන මෙන්ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි,

මහාචාර්ය චන්න ජයසුමන

ලේකම්,

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

Related posts

ලන්ඩන් කොටි නිදහස් උත්සවයට කඩා පනිති.. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා යකා නටති..

colombotoday

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන පල්ලියක්, මුස්ලිම් අන්තවාදීන් කළුබෝවිල ආගමික ගැටුමකට මුලපුරයි !

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday