Colombo Today Local News

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

අද (09) අළුයම රඹෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකු බව පොලීසිය පවසයි.

මෙලෙස නමිය ගිය තිදෙනා පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ.

අනතුරට ලක් වූ ගැහැණු ළමුන් දෙදෙනා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රඹෑව දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පස්දෙනා ගේ ගැටී අද අළුයමදී අනතුර සිදුව තිබේ.

මෙම පිරිස රඹෑව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් නැවත නිවෙස් බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් ව ඇත.

අනතුර සිදුකළ කැබ් රථය එම ස්ථානයෙන් පළාගොස් තිබුන අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

ඤාණසාර හිමි සහජීවන ගුටි කෑ සිසුන්ගේ සුව දුක් විමසයි

colombotoday

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී

Admin

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

අලුත් පක්ෂයක් හැදුවොත් දඩුවම් දෙනවලු ! මට අදාල නෑනේ… “අදාල නෑනේ” මහින්ද Version එක මෙන්න

colombotoday