Colombo Today Local News

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසන්නේ අද (මාර්තු 29) දහවල් අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ පළා ගිය රැඳවියන් දෙදෙනා එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය යොදවා සිට ඇති බව ය.

ඔහු සඳහන් කළේ, පළා ගොස් ඇති රැඳවියන් දෙදෙනා අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය.

හෙරොයින් සම්බන්ධව මෙම රැඳවියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ත් පළා ගිය එක් රැඳවියෙකුට රු. 5,500 දඩයක් සහිතව මාස 6ක සිර දඬුවමක් සහ අනෙක් රැඳවියා රු. 10,000 දඩයක් සහිතව මාස 2ක සිර දඬුවමක් නියම කර තිබූ බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

පළා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම බන්ධනාගාර නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

ජනපතිට සහය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක්…

colombotoday

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday