Colombo Today Local News

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

යාපනයේ කන්කසන්තුරේ මාවිදපුරම් ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ විසින් ඉදිකරන ලද ගැමුණු විහාරය නිසා පළාතේ හින්දු සංස්කෘතියට විශාල බාධාවක් එල්ලවී ඇති බැවින් එම විහාරස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන මෙන් කන්කසන්තුරේ ප්‍රාදේශීය දේශපාලනඥයකු උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වන එස්. වරදරාසා නමැති එම දේශපාලනඥයා කියා සිටින්නේ මේ බෞද්ධ විහාරස්ථානයේ ශබ්ද වාහිනී යන්ත්‍ර උපයෝගි කරගෙන ආගමික වතාවත් සිදු කරන විට ඒ අවට ඇති කෝවිල් කිසිවක පූජාවන් පැවැත්වීමට නොහැකි බවයි.

උතුරු පළාත් සභාව වෙත ලිපියක් යවන ඔහු කියා සිටින්නේ යාපනයේ කන්කසන්තුරේ එම බෞද්ධ විහාරය පිහිටා ඇති ප්‍රදේශයේ කිසිදු සිංහල බෞද්ධයකු පදිංචිව නොමැති බවයි.

ආරක්‍ෂක අංශවලට ආගමික වතාවත් සිදු කිරීම සඳහා මෙතරම් විශාල විහාරස්ථානයක් අනවශ්‍ය බව කියන එම දේශපාලනඥයා තවදුරටත් කියා සිටින්නේ එම විහාරස්ථානය ඉදිකොට තිබෙන ඉඩම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

තමන් විසින් සොයා බැලූ අවස්ථාවේදී එම ඉඩම ආරක්‍ෂක අංශ විසින් බලහත්කාරයෙන් ලබාගෙන විහාරස්ථානය ඉදිකොට ඇති බව පවසා ඇති එම දේශපාලනඥයා කියා සිටින්නේ භික්‍ෂුන් වහන්සේ නමක් මේ විහාරස්ථානයට පැමිණ පදිංචි වීමට පෙර එම විහාරස්ථානය සම්බන්ධයෙන් යම් තීරණයක් ගත යුතු බවය.

Related posts

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

colombotoday

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

ඉරණමඩු ජලාශය අසල බුදු පිළිමය ඉවත් කරන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී දැනුම් දෙයි

colombotoday