ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
කතානායකවරයා 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනයට අත්සන් තැබූ දින සිට එය බලාත්මක වෙන බැවින් එදින සිට වසර 5ක් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයේ සිටීමට හැකි බවට මේ වන විට නීති උපදෙස් ලැබී ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.
ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගේ මතය විමසීම ඉතාමත්ම ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා සුදානම් වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.