Colombo Today Local NewsTop Stories

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

ජනාධිපතිට යම් යම් ගැටළු තිබෙන බව පිළිගත හැකි වූවත් මෙම දේශපාලන පොරය හේතුවෙන් ජනතාව තැලී පොඩි වෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.

“අපේ කතාවක් තියනවා අලි පොරකන විට තැලෙන්නේ, පෑගෙන්නේ, පොඩි වෙන්නේ ජනතාව කියලා. ඒනිසා දේශපාලඥයන්ගේ මේ පොරකෑම නිසා තැලෙන්නේ ජනතාව. අපි දන්නවා ජනාධිපති මන්දිරයේ හරි අගමැති මන්දිරයේ හරි සාකච්ඡාවක් තියනකොට මාධ්‍ය තුළින් අපිට පේනවා ලෝකයේ තියන හොඳම කාර් ටික යන හැටි පෙල හැදිලා. රට අරාජික වෙමින් පවතින ව විශේෂයෙන්ම කිව යුතුයි. ගරු ජනාධිපතිතුමාට අපි විශේෂයෙන්ම පැහැදිළිව කියනවා. ඔබතුමාට යම් ගැටලු වලට හා ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන බව අපි පිළි ගන්නවා. නමුත් ඔබතුමා ඔතනට පත් කරලා තියෙන්නේ රටේ ජනතාව. ඒ නිසා ඔබතුමාට සමාවක් දිය නොහැකි තත්ත්වයට පත් වෙමින් පවතිනවා. අනෙකුත් දේශපාලන පක්ෂත් වගකිව යුතුයි මේ ප්‍රශ්නයට. මොකද ඔවුන් බලන්නේ බලය ලබා ගන්න. මේ ඇත්තෝ හදන්නේ බලය රැක ගන්න.” යැයිද උන්වහන්සේ කියා සිටියේය.

Related posts

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

Admin

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

Admin

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

colombotoday