Colombo Today Local NewsPolitics

ප්‍රසන්න රණවීරට විවෘත වරෙන්තු!

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරාගෙන තිබූ ඉඩමක සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාලව දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි මිල්රෝයි පෙරේරා යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (05) විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී.

මෙම සැකකරුවන් දෙදෙනා දිගින් දිගටම අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔවුන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

එමෙන්ම මේ සිද්ධියට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නවීන් වීරකෝන්, හිටපු ඇමති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා හිටපු ඇමති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන හතර දෙනා තවදුරටත් මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කොට තිබේ.

තවද, එම මූලික සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල වාර්තා හා ලියාපදිංචි වාහනවල වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට අදාල බැංකු ආයතනවලට හා මෝටර්රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මහෙස්ත්‍රාත්වරිය එසේ විවෘත වරෙන්තු නිකුත් කොට අදාල බැංකු ගිණුම් වාර්තා හා ලියාපදිංචි වාහනවල වාර්තා ලබා දෙන ලෙසට අදාල බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

මීට අමතරව රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සම්බන්ධව ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. විජේතුංග සහ එහි සැරයන් (35077) එස්. ප්‍රියන්ත ඩෙන්සිල් යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ලදී.

සටහන – සත්සරණී

Related posts

හොරට හරක් විකුණා අතේ මාට්ටු.. මාධ්‍ය හමුවේදී පි.හැරිසන්ගේ තොලකට වේලෙයි.. දිව පැටළෙයි (Video)

colombotoday

යහපාලන දුෂණ විමර්ෂණ වාර්තාව ජනපති අතට… රාජිතට, අකිලට, සජිත්ට, කිරිඇල්ලට දූෂණ චෝදනා !

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

colombotoday