Colombo Today Local News

උප පොලිස් පරික්ෂකට වැව් රක්ෂිතයේ අක්කර 12ක් බිලි

ගම්වාසීන් හට ඔප්පු තියෙනවා යැයි අසත්‍ය තොරතුරු පවසමින් විශ්‍රාමික උප පොලිස් පරික්ෂක වරයෙකු සහ ඔහුගේ සහෝදරියක්, අසල්වැසියෙකුත් සමග සංචරණ නීතී සමයේ ප්‍රබෝධගම මහ වැවේ වැව් රක්ෂිතය බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් අනවසරයෙන් එළි කර ඇති බවත් එසේ අසත්‍ය කරුණු පවසා ගම් වැසියන් මෙන්ම රාජ්‍ය නිලධාරින් මුලා කළ සැකකරුවන් හට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුත් බවත් ප්‍රබෝධගම ගම්වාසීහු පවසති.


මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 43 ප්‍රබෝධගම තුලානේ මෙම ප්‍රබෝධගම මහ වැව පිහිටා ඇත. මෙම වැව මගින් ප්‍රබෝධගම ගම්වාසින්ගේ කුඹුරු අක්කර 46 පෝෂණය වේ. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් පවුල් 155 ක් ජීවත් වන ප්‍රබෝධගම ගම්මානයේ එදා මෙදා තුර සිදුවූ දැවැන්තම වන විනාශය සහ ඉඩම් මංකොල්ලය පසුගිය සංචරණ සීමා කාලය තුළ සිදුව තිබුණි.

මෙලෙස ප්‍රබෝධගම මහ වැවේ වැව් රක්ෂිතයේ අක්කර 12 ක පමන භූමි ප්‍රමාණයක තිබූ දැවැන්ත කොහෙඹ ගස්, බුරුත ගස්, මයිල ගස් මුලු මුණින්ම පෙරලා දමා මෙම ඉඩම් මංකොල්ලය සිදුව තිබුණි.

මෙසේ වැව් රක්ෂිතය අනවසරයෙන් එළි කළ මෙම පිරිසෙන් දෙදෙනෙකු සහ බැකෝ යන්ත්‍රය පසුගිය 15 වෙනි දින මැදවච්චිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රබෝධගම පදිංචි පී. කරුණාවති, බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු සහ බැකෝ යන්ත්‍රය පමනක් බවයි ගම්වාසින් පවසන්නේ.

එසේ අත්අඩංගුවට ගත් පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රබෝධගම ගම්වාසීන් සහ මහජන නියෝජිතයින් ඉල්ලා සිටිති.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ප්‍රබෝධගම ගොවි සමිතියේ සභාපති එච්. එම්.සී.කේ හේරත් ගොවි මහතා,
පසුගිය දින වල අපේ ගමේ වැව් රක්ෂිතය විශ්‍රාමික උප පොලිස් පරික්ෂක වරයෙක්, ඔහුගේ සහෝදරියක් සහ අසල් වැසියෙකු එක්ව අක්කර 12 ට ආසන්න ප්‍රමාණයක් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් අනවසරයෙන් එළි කර තියෙනවා. මේ පිළිබඳ ගම්වාසීන් විමසූ විට ඒ අය කිව්වේ එම වැව් රක්ෂිතයට ඔප්පු තිබෙන බවයි. එහෙම කිව්වේ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක වරයා සහ ඔහුගේ සහෝදරිය තමයි. ඒ හරහා ගම්වැසියන් නොමග යවමින් මහ පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් තමයි මේ අය කරගෙන ගියේ.

කොහොඹ, පලු වැනි අවුරුදු 50 ට ආසන්න ගස් බැකෝ යන්ත්‍රය උපයෝගි කරගනිමින් පෙරලා දමන දෙස බලාගෙන ඉන්න බැරි නිසා අපේ ගමේ පරිසර හිතකාමීන් පිරිසක් මේ පිළිබඳ මැදවච්චිය පොලීසිය දැණුවත් කළා. නමුත් එයට නිසි ප්‍රථිචාර නොලැබීම හේතුවෙන් පසුගිය 15 වෙනි දින අපි 118 දුරකතන අංකයට කතා කරලා සිදුවන වන විනාශය පිළිබඳ දැණුවත් කිරීමට කටයුතු කළා. අනතුරුව එම ස්ථානයට පැමිණි මැදවච්චිය පොලිස් නිලධාරින් වැව් රක්ෂිත වන විනාශය සිදු කරමින් සිටි බැකෝ යන්ත්‍රය සහ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්තා.

එහෙම අත් අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රය ඉතා කෙටි වේලාවකින් නිදහස් කරලා තියෙනවා මැදවච්චිය පොලීසිය. අපි ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම බලධාරින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ නැවත මේ පිළිබඳ සාධාරණ පරික්ෂණයක් සිදු කර මේ පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලයි.
ප්‍රබෝධගම කොට්ඨාසය භාර පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. එම් .කුමාරතුංග මහතා,

සිදුව තිබෙන වැව් රක්ෂිතයේ විනාශය පිළිබඳ මම සොයා බැලුවා. මම එම ස්ථානයට ගම්වාසීන් සමග පැමිණියා. සිදුව ඇති විනාශය දැක මෙම පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි කියන අදහස මා හටද ආවා. අක්කර 12 ක් පමන වැව් රක්ෂිතය විනාශ කරලා. මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ නැවත පරික්ෂණයක් සිදු කරන්න කියලා. ඒ වගේම තමයි කඩිනමින් මෙම වැව් රක්ෂිත කොටස ගොවි සමිතියට වෙන් කර ලබා දීමට කටයුතු කරන ලෙසත් , මේ අයට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි බවත් මා ගම්වැසියන් වෙනුවෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

මැදවච්චිය – සජිත් ගයාන්

Related posts

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

colombotoday

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin