Colombo Today Local NewsTop Stories

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

දේශබන්දුගේ පෙත්සම විසි වෙයි! ඉහළම උසාවියකින් ඇප?

ආණ්ඩුවේ ඊනියා පොලිස් කෝලමේ තවත් පරිච්ඡේදයක් දිගහැරෙමින් පවතී. මේ කසුකුසුව තවත් රසවත් වූයේ ඊයේ ප්‍රධාන මාධ්‍ය උපුටා දක්වමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වූ පුවතක් සමගිනි. බොහෝ දෙවන පෙළ මාධ්‍යයන්හි විකෘති කිරීමක් සහිතව පළවූ එම පුවතින් කියැවුණේ දේශබන්දු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

ඇත්තෙන්ම ලියුම්කරු පවා එම පුවතින් කලබලයට පත් වූ අතර වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගියේ එම පුවත අර්ධ සත්‍යයක් පමණක් බවයි.

සැබැවින්ම එම උපදෙස ලැබී තිබුණේ දේශබන්දු සමග අත්අඩංගුවට ගන්නැයි නියෝග කොට තිබුණු අනෙකුත් සැකකරුවන් හයදෙනාට අදාල වන ලෙස පමණි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිය රකින පොලිස්පතිවරයා තවමත් නීතිය විසින් සොයමින් සිටින අපරාධකරුවෙකි.

තමන් රකින්නට බැඳී සිටි නීතියෙන් සැඟවෙමින්, තමාම නායකත්වය දෙන පොලිසියේ ඇස් වලට වැලි ගසමින් තවමත් අතුරුදන්ව සිටින මෙම පොලිස් ජඩයා, නීතියේ ග්‍රහණයට හසු නොවී ගැලවී සිටීම සඳහා ගසන ලද තවත් තුරුම්පුවක් අද කපෝති විය.

ඒ, තමා අත් අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම, විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කිරීමත් සමගයි.

ඒ අනුව, පොලිස්පති දේශබන්දු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබේ.

ඒ අයුරින්, මුලු මහත් ප්‍රේක්ෂක සමාජය ඉදිරියේ ආණ්ඩුවේ සීතාම්බර සළු අද යන්තමින් බේරුණද පොලිස්පති සැඟවී ඉන්නා තැනකින් කුදලාගන්නා තෙක්, ආණ්ඩුවට මේ වදින මඩ, අවලාද සහ අපවාද වලින් ගැලවීමට නොහැකි වනු ඇත.

දේශබන්දු සිද්ධිය ආණ්ඩුවට අග්නි පරීක්ෂාවක්!

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ මෙම සමස්ථ ක්‍රියාදාමය ආණ්ඩුව පිළිබඳව කෙරෙන අග්නි පරීක්ෂාවක් බවයි.

යම් හෙයකින් පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනුණද, ඉහල අධිකරණයක් හරහා ඔහුට ඉක්මන් ඇප ලබාදීමේ සැලසුමක් පිළිබඳ හිටපු මන්ත්‍රීවරයා සැක පහළ කොට තිබේ.

මේ අතර දේශබන්දු සඟවාගෙන සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස් ඇමති ටිරාන් අලස් නිහඬතාව බිඳිමින් ප්‍රකාශයක් සිදු කොට තිබේ. ඒ, තමා පිළිබඳ එල්ල වන එම චෝදනාව අසත්‍යය බව පවසමිනි. මේ පිළිබඳ අද ප්‍රධාන ධාරාවේ මෙන්ම විකල්ප ධාරාවේ මාධ්‍ය කිහිපයක්ද වාර්තා කොට තිබිණි.

කෙසේ වෙතත් මේ සමස්ත ක්‍රියාදාමය පිටුපස පැහැදිළිව විනිවිද පෙනෙන ආණ්ඩුවේ නොහැකියාව නම් බරපතල කාරණය මගහැර යාමට ඔවුන්ට කිසි සේත් නොහැකි බව නම් අවධාරණය කළ යුතුමය.

ඇතැම් විට මාලිමාව මේ සිද්ධි දාමය එළඹෙන පළාත් පාලන ඡන්දයේ ප්‍රචාරණ කටයුතු වලදී මැතිවරණ ගුණ්ඩුවක් ලෙස භාවිතා කරන්නට වුවද ඉඩ තිබේ. දැන් දැන් විද්‍යාමාන වන ඔවුන්ගේ ඔලමොට්ටල දේශපාලන භාවිතාව එබඳුය.

එකී දේශපාලන භාවිතාව සදය උපහාසයට බඳුන් කරමින් සංසරණය වන එක් පෝස්ටුවකි මේ.

මිතුර, දේශබන්දු මගේ නිවසේ නැත. කරුණාකර ඔබේ නිවසේ ඇඳන්, පුටු, මේස යට, නාන කාමරයේ ගලිය සහ ලිප්බොක්ක පරීක්ෂා කර බලන්න.

සටහන – Chalana

Related posts

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපාන තානාපතිවරු හදිසියේම විදේශ ඇමති හමුවෙයි.

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin