Colombo Today Local News

“පිං මන්ත්‍රීකම” Facebook කොමෙන්ටුවෙක් නිසා පත්කළ මන්ත්‍රී පහරදීලා

“එන්නත් ගහන තැන පිං මන්ත්‍රීලා ඉන්නේ ඇයි?” යනුවනේ Facebook පොස්ට් එකක් සඳහා comment කල තරුණයෙකුට දඹුල්ල ප්‍රාදේශිය සභාවේ පත්කල මංත්‍රි වරයෙකු පහර දී තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ පිළිබඳව පසුගිය 27 වන දින දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇතත් මේවනතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කල මංත්‍රි වරයා (දැනට පොහොට්ටුවේ පල්ලේගම නියෝජිතයාලෙසින් කටයුතු කරයි) තමා කතාකොට මොනවාද මල්ලි දාන පොස්ට් යැයි විමසා, මම ගමේ ආණ්ඩු පක්ෂයේ මංත්‍රි බවත් පවසා ගෙට්ටුවට හිර කර පහර දුන් බව පහරකෑමට ලක්වූ පුද්ගලයා සඳහන් කර සිටියි.

මේසේ පහරකෑමට ඇත්තේ දඹුල්ල ඇටවරාහේන ප්‍රදේශයේ පදිංචි එන්බි සමන් කුමාර නැමැති පුද්ගලයකි. මේ පිළිබදව CZB(1) /215/484 අංක යටතේ දඹුල්ල පොලිසියේ පැමිනිල්ලක් ගොනු කල බවත් දඹුල්ල පොලිසිය මගින් නිතියේ සාධාර්ණය ඉටුවනු ඇති බව විශ්වාස කරණ බවත් ඔහු අප හා පැවසීය.

Related posts

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

colombotoday

සෞදි ආර්ථිකයට සැර පහරක් වදී.. සෞදියේ ශ්‍රි ලාංකිකයන්ටත් බරපතලයි !

colombotoday

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

ගෝඨාභය ඝාතනයට කොටි ඩයස්පෝරාව දකුණේ පාතාලයට මුදල් දීලා

colombotoday

පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි

colombotoday

රටපුරා ෆෙඩරල් වැඩමුළු… අනුග්‍රහය ඇමරිකානු රජයෙන් !

colombotoday