Colombo Today Local News

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත .

සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුහුණු පොත හරහා අපහාස කළ බව කියන දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

බොර තෙල් මිල පහළට

Admin

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

colombotoday

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)

colombotoday