Covid 19

කතරගම දේවාලේ කල අහඹු PCR 5කින් 3ක් පොසිටිව් – දේවාල භූමියට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

මහා දේවල් ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා පවසා සිටියේ, ඒ අනුව ඊයේ (12)දින සිට දේවාලය වසා දැමු බවය.

කිසිදු බැතිමතෙකුට මළුවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසීය.

දේවාලය තුළ සිටින කපු මහත්වරු පමණක් දෙවියන්ට පුද පුජා පවත්වන බවත් පැවසු ප්‍රධාන කපු මහතා, පවතින කොවිඩ් තත්ත්වය පාලනය වන තුරු සියලු බැතිමතුන් දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කරයි.

මහා දේවාලයෙන් අහඹු ලෙස ලබාගත් පීසීආර් පරීක්ෂණ පහෙන් තුනක් එලෙස ආසාදිත බවට තහවුරු වී තිබේ.

Related posts

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday

ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට කොරෝනා එන්නත ලබා දෙන්නේ නැ..

colombotoday

ශ්‍රී ලාංකිකයන්ගෙන් 63% ක් තම ප්‍රදේශයට කොරෝනා පැතිරෙනු ඇතැයි සිතන්නේ නෑ : සමීක්ෂණයකින් හෙළි වේ

colombotoday

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday