Covid 19

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

ඇතැම් පුද්ගලයින්ට PCR පරික්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 29ක් මේ වනවිට හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 13ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 05ක්, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 02ක් මෙලෙස හුදකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රාකාශකවරයා සඳහන් කළේය.

Related posts

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

“කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි” – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

colombotoday