Colombo Today Local News

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

අද (28දා) ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා කොවිෂීල්ඞ් කොරෝනා මර්දන එන්නතේ ආයුකාලය මාස හයක් වීම නිසා එම එන්නත අවශ්‍ය කණ්ඩායම්වලට හැකි ඉක්මනින් ලබා දී අවසන් කළ යුතුව ඇතැයි එන්නත නිපද වූ ඉන්දියාවේ ‘සීරම්’ එන්නත් සමාගම විසින් නිවේදනය කර තිබේ.

කොවිෂීල්ඞ් එන්නත මෙන්ම ඉන්දියාවේ භාරත් ටෙක් සමාගම විසින් නිපදවා ඇති කොවැක්සින් එන්නත ද බටහිර රටවල් විසින් නිපදවා ඇති ෆයිසර් හා මොඩර්නා කොරෝනා මර්දන එන්නත්වල ද ආයු කාලය මාස හයකි.

කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රාවන් මිලියන 20ක් සීරම් සමාගම මගින් ඉන්දීය රජය වෙත මේ වන විට අවදානම් කණ්ඩායම් සඳහා එන්නත් කිරීමට ලබා දී තිබේ. එහෙත් ඉන්දීය රජය විසින් මෙතෙක් එන්නත් කර ඇත්තේ එම එන්නත් මාත‍්‍රාවලින් මිලියන 2 කට මදක් අඩු සංඛ්‍යාවක් බව ද අනාවරණය වී තිබේ.

සීරම් ආයතනය මේ වන විට මාස කිහිපයක් ඇතුළත කොවිෂීල්ඞ් කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා මිලියන 100ක් නිපදවා ඇති අතර ඉන් එන්නත් මාත‍්‍රා මිලියන 20ක් ඉන්දීය රජයට ලබා දී තවත් එන්නත් මාත‍්‍රා මිලියන 8ක් රටවල් හයකට පමණ අපනයනය කර තිබෙන බව සීරම් සමාගමේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සුරේෂ් ජාදව් පවසයි. දැනට එම සමාගමේ ගබඩාවල එන්නත් මාත‍්‍රා මිලියන 50-60ත් අතර සංඛ්‍යාවක් පවතින බවත්, දැනට මසකට එන්නත් මාත‍්‍රා මිලියන 50-60 අතර සංඛ්‍යාවක් නිපදවීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය ජාදව් කියයි. ලොව සෙසු රටවලින් ඉදිරිපත්ව ඇති අධික ඉල්ලූම හේතුවෙන් ලබන අපේ‍්‍රල් මාසය වන විට මසකට කොරෝනා මර්දන එන්නතේ මාත‍්‍රා මිලියන 100ක් බැගින් නිපදවීමට සීරම් ආයතනය මගින් සැලසුම් කර තිබේ.

Related posts

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

දවස් තුනකට ගෑස් ගොඩබා ගනී

colombotoday

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

Admin