Colombo Today Local News

නිවාස ඇමතිටත් උපාධි ගැටළුවක්?

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ‘ආචාර්ය’ උපාධිය සම්බන්දයෙන් ගැටළු සහගත තත්වයක් ඇතැයි බවට චෝදනා එල්ල වෙයි.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සිය මූලික උපාධිය ලෙස ශාස්ත්‍රපති හිමි කරගෙන ඇති අතර ආචාර්ය උපාධිධාරියෙක් නොවන බව වාර්තා වෙයි.ජාතික ජන බලවේගය මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් සඳහන් කර මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ ද ඔහුගේ නම සඳහන් වන්නේ ආචාර්ය අනුර කරුණාතිලක ලෙසිනි.

කෙසේ වුව ද පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඇමති කරුණාතිලක ශාස්ත්‍රපති උපාධියක් හිමි පුද්ගලයෙකු බව සඳහන් කර ඇත.අනුර කරුණාතිලක මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටියි. ඔහු සිය නිබන්ධනය භාර දීමට වසර ගණනාවක් තිස්සේ නැවත කල් ගනිමින් සිටින අතර මේ නිසා ම ඔහුට විශ්වවිද්‍යාලයේ උසස්වීම් ලබා ගැනීමට ද නොහැකි වී ඇත.

ස්ථිර කථිකාචාර්ය තනතුරු නොමැති ඔහුගේ ශිෂ්‍යයන් පවා මේ වන විට සිය ආචාර්ය උපාධි සම්පූර්ණ කොට ඇති බව වාර්තා වෙයි.

Related posts

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

Admin

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

colombotoday

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday