Colombo Today Local Newsfeatured

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

බුදු දහමට අපහාස කල බවට චෝදනා එල්ලවී සිටින, දැනට මෙරටින් පැනගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යලි දිවයිනට පැමිණීමට මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙනවා.

ඔහුගේ නීතිඥයින් විසින් ලබාදුන් උපදෙස් පරිදි, ජෙරම් ප්‍රනාන්දුගේ මව පසුගියදා ඕමල්පේ සෝභිත හිමි මුණගැසුණු අතර එහිදී ඕමල්පේ හිමි විසින් ජෙරම්ට සමාව දී ඇත. මෙම හමුව සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් තුටු පඬුරු ලෙස හුවමාරු වී ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණීමට පෙර ඕමල්පේ හිමිගේ මෙම සමාව දීම සමස්ත මහා සංඝරත්නය විසින් සමාව ලබා දීමක් ලෙස ගරු අධිකරණයට පෙන්වා ඇප ලබා ගැනීම නීතිඥයන්ගේ සැලසුම වී ඇත.

මේ අතර දේවගැති ජෙරම් මෙරටින් පලාගොස් සිටින්නේ කලින් සැලසුම්කල දේව මෙහෙයන්ට ලෙස ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ද සුදානම් කරන ලෙස නීතීඥයන් විසින් උපදිස් ලබා දී ඇත.

Related posts

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday

සහල් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලීමක්

Admin

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday