Colombo Today Local News

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

AL

2015 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ වනවිට දිවයිනේ පළමු දෙවන හා තෙවන ස්ථාන ලැබූවන්ගේ නම් නිකුත් වී තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ එස්. සත්සරණී හෙට්ටිආරච්චි ශිෂ්‍යාව හිමිකර ගෙන තිබේ. දෙවැනි ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ.කේ. සමල් පුන්සරද කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්. මලීනා රත්නායක හා මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී උමයංගනා රත්නායක තෙවන ස්ථානයට පත්ව තිබේ.

2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් පන් ලක්ෂ තිස්හය දහස් එකසිය පනස් දෙකක් පෙනී සිටී බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර සාපෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0112-784208/ 0112-784537/ 0113-188350/0113-140314 යන දුරකථන අංක වෙත අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ප්‍රතිඵල දැනගැනීම සඳහා www.doenets.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Related posts

රසායනික පොහොර-කෘමිනාශකවල භාවිතයෙන් අහිතකර ‌බලපෑම් අධ්‍යයනයට බළකායක්

colombotoday

සුපිරිසිදු සජබේ එජාපයට නොයන්නේ මේ නිසයි

Admin

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin