Colombo Today Local News

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

මුලතිව් සහ වව්නියා දිස්‌ත්‍රික්‌කවල සිංහල ජනතාව පදිංචිවීම වැළැක්‌වීම සඳහා උතුරු පළාත් සභාව ඊයේ (6 දා) කාර්යසාධක බළකායක්‌ පිහිටුවා ඇත.

ඊට පළාත් සභාපති සී. වී. කේ. සිවඥනම්, පී. සත්‍යලිංගම්, ටී. ලිංගනාදන්, ටී. රවිහරන්, කේ. සිවනේසන්, සී. තවරාසා, කේ. යාසන්තන් සහ එම්. කේ. සිවාජිලිංගම් පත්කර තිබේ.

මෙම දිස්‌ත්‍රික්‌කවල සිංහලයන් පදිංචිවීම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් යෝජනාවක්‌ සම්මත කර ඇති අතර එහි පිටපතක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවා ඇත.

මුලතිව් සහ වව්නියාවට ඇති මහවැලි ඉඩම් සඳහාද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් සඳහා ද උතුරු පළාත් සභාව හිමිකම් ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි. මේ අතර රජයේ ආරංචිමාර්ග පැවසුවේ උතුරේ සිංහලයන් පදිංචිවීම නතර කිරීමට පළාත් සභාවට හිමිකමක්‌ නැති බවයි.

දිවයින

Related posts

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

[Video]අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ – බෙංගමුවේ නාලක හිමි

colombotoday