විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ (15) උදෑසන වැලිසර නාවික හමුදා කදවුරු සංකීර්ණයට ඇතුළු වී පරීක්ණ කර තිබේ.
රහස් පොලීසිය විසින් කරනු ලබන පරීක්ෂණයකට අදාලව මෙසේ නාවික කදවුරු ඇතුළු වී ඇත්තේ අධිකරණයෙන් ලද සෝදිසි වරන්තුවක් මත බව සදහන් වේ.
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාලව මෙසේ සෝදිසි කිරීම් සිදුකර තිබෙන අතර රහස් පොලිස් කණ්ඩායම වාහන සහ කැබලි කරන ලද වාහන කොටස් ගබඩා කර ඇති ස්ථාන පරීක්ෂා කළ බවයි සදහන් වන්නේ.
මෙම සිද්ධියට අදාළව මීට පෙර ත්රිකුණාමලය නාවික හමුදා කඳවුර ද පරීක්ෂා කර ඇති අතර එහි දී කොටස් කරන ලද එක් වාහනයක කොටස් රහස් පොලිසිය විසින් සොයාගෙන තිබුණි.