Colombo Today Local News

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජනබලවේගයේ රජයක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර මහතා පැවසිය.
නලින් බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ගොවිබලවේගයේ සමගි ගොවි බලමණ්ඩල පිහිටුවිමේ රැස්විම (12) දින තලවකැලේ සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදිය.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ආසන සංවිධායක අශෝක සේපාල මහතා විසින් සමගි ගොවිබලවේගයේ බල මණ්ඩලය පිහිටු විමේ උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුව තුල මේ රටේ විශාල ආහාර අර්බුධයක් මතුවන බවත්, මේ වන විටත් වත්මන් රජයට සහයෝගය දැක් වු වැඩි පිරිසක් රජය විවේචනය කරමින් එම පිරිස සමගි ජනබලවේගය කරා එක්වි සිටින බවයි.

සමගි ජන බලවේගයේ රජයක් තුලින් මේ රටේ ගොවියා ශක්තිමත් කිරිමේ වැඩපිලිවෙලක් දියත් කරන බවද නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

Admin

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

Admin