Colombo Today Local News

“එකට කාල බීල හිටපු මුස්ලිම් මැති ඇමතිලා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ…” සිංහල මැති ඇමතිවරුන්ට මරණ බිය දැනෙයි…

පසුගිය 21 පාස්කු දිනයේ එල්ල වූ අනපෙක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයත් සමග සමස්ථ රටම මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයද දැඩි කැළඹීමට ලක්ව තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් සහ මේ වන විට රටපුරා සිදුවන සෝදිසි කිරීම් වලදි අවි ආයුධ සමග අත්අඩංගුවට පත්වන බොහෝ පුද්ගලයන් ප්‍රබල මුස්ලිම් දේශපාලකයන්ගේ ඤාතීන් හා සමීප ආධාරකරුවන් වීමත් හේතුවෙන් ආණ්ඩුවේ හා විපක්ෂයේ සිංහල හා දෙමළ මැති ඇමතිවරු දැඩි වික්ෂිප්තභාවයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

රට පුරා මේ වන විට හමුවී ඇත්තේ අවි ආයුධ ඉතා සුළු ප්‍රමාණයක් විය හැකි බවත්, සොයා නොගත් ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි බවත්, අන්තවාදීන් රට පුරා දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වූවාදැයි යන්න සැක මතුවී ඇති අතර, මුස්ලිම් දේශපාලකයන්ගේ අනුදැනුම නොමැතිව මෙලෙස සංවිධානය විය නොහැකි බවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තැන තැන කතා බහට ලක් වී ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද සිංහල මැති ඇමතිවරුන් බහුතරයක්, මුස්ලිම් ඇමතිවරුන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටි අතර, මේ වන විට වාර්තා වන තොරතුරු මත මුස්ලිම් දේශපාලකයන්ගේ සැක සහිත හැසිරීම පිළිබදව ඔවුන් දැඩි ලෙස කලකිරීමට සහ විමතියට පත්ව ඇති බවද සදහන් වනවා.

පවතින තත්තවය හමුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකු පමණ තමන්ගේ ආරක්ෂාව දැඩි කරන්නැයිද ඉල්ලීම් කර තිබෙන බවට වාර්තා වනවා.

මේ අතර ඊයේ 30 පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ඇමතිවරුන් 12 දෙනෙකු ඝාතනය කිරීම සදහා ඉස්ලාම් අන්තවාදීන් සැලසුම් කර තිබෙන බවට රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අගවා ඇති බවයි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

Admin

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

“මඩ පුවත් පලකලාට මගේ ලේකම්, රුවන් ඉවත් කරන්නේ නෑ” මංගල කියයි – පුවත පලකල ඊ නිව්ස් නියෝජිතයාත් මංගලගේ ලේකම්වරයෙක්

colombotoday