Colombo Today Local Newsextremism & terrorism activities

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

කෝවිඩ් වෛරසය හේතුවෙන් මියගිය බවට තහවුරු වූ හෝ සැක කළ සියලු දෙනා ආදාහනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව මුස්ලිම් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට (HRC) පැමිණිල්ලක් ඉදිරිපත් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම පැමිණිල්ල මහා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහ බ්‍රිතාන්‍ය නීති සමාගමක් වන බින්ඩ්මන්ස්ගේ සහාය ඇතිව ගෙන එනු ලැබේ. කොවිඩ් -19 මළ සිරුරු වලින් වෛරසය සන්නිවේදනය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර හා ශ්‍රී ලංකා වෛද්‍ය විශේෂඥයින් නොතකා සිය ගණනක් ආදාහනය සිදුකරන බවට ඔවුන් චෝදනා එල්ල කර සිටියි.

ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සිලයෙන් අතුරු සහනයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ “සියලු ආදාහනය සිදු වූයේ බලහත්කාරයෙන් හා අත්තනෝමතික ලෙස කඩිනමින් ය. ” යනුවෙන් සඳහන් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ…

colombotoday

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday