Colombo Today Local News

තැන තැන සිදුවන මිනිස් ඝාතන

ඌරුබොක්ක කන්දෙකුඹුර ප්‍රදේශය තේ ඉඩමක ගල්තලාවක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කන්දෙකුඹුර, බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ එම ප්‍රදේශයේ නිවසක ජීවත් ව සිට ඇති අතර පෙරේදා (04) මෙම පුද්ගලයා නිවසේ සිටියදී බිරිඳ රැකියාවට ගොස් ඇත.

බිරිඳ සවස නැවත නිවසට පැමිණිමේ දී ඔහු නිවසේ සිට නොමැති අතර පසුවදා උදෑසන ද ඔහු නිවසට නොපැමිණිම හේතුවෙන් සිදුකළ සෝදිසි කිරීමකදී නිවස ආසන්නයේ ගල් තලාවක තිබී ඔහුගේ සිරුර හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර ගොකරැල්ල තලහින්න ප්‍රදේශයේ නිවසකින් දුගඳක් හමන බවට පොලීසියට ලද තොරතුරක් මත ගොකරැල්ල පොලීසිය සිදුකළ සෝදිසි කිරීමක දී එම නිවසේ තිබී මළසිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිවම ජීවත්ව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පසුගිය මාර්තු මස 28 වනදා ඔහුගේ දියණියගේ නිවසේ සිට පැමිණ මෙම නිවසසේ තනිවම ජීවත්ව සිට තිබේ.

මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව සෙයාගෙන නොමැති අතර පොලීස් පරීක්ෂණ සිදුකරන බව ගොකරැල්ල පොලීසිය පවසයි.

Related posts

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

කුඹල්ඔලුවේ මහා පරිමාණ කසළ තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin