Colombo Today Local News

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

2010 වසරේ ජනවාරි මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබා බරපතළ තුවල සිදුකර මරා දැමීමේ වරදරට නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් සදහන් කලේය.

මෙම නීති කෘත්‍යයේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමුකර තිබිණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි අජිත් ජයසේන ඇතුඑ 12 දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.

මෙම පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයේ එවකට හිටපු රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි පෙනී සිටි අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය

Related posts

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

colombotoday

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

colombotoday

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

colombotoday