Colombo Today Local News

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

සිඩ්නි පොලීසිය පවසන්නේ අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවා ඝාතනය කළ බවට සැකපිට ටයිකොන්ඩෝ සටන් කලා පුහුණුකරුවෙකු අත්අඩංගුවට ගත් බව යි.

ඔහු විසින් සිය පුහුණු පංති සිදුකරන ස්ථානයේදී පළමුවෙන් 07 හැවිරිදි පිරිමි දරුවා ව සහ ඔහුගේ මව ව ඝාතනය කර පසුව වාහනයකින් ගොස් වෙනත් ස්ථානයකදී දරුවාගේ පියාට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

49 හැවිරිදි එම සැකකරු දකුණු කොරියානු ජාතිකයෙක් වන අතර ඔහු මේ වනවිට කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව සඳහන් ය.

රෝහලට පැමිණි විනිසුරුවරයා සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කළේය.

මෙම ඝාතන පසුගිය සඳුදා සිදුකර ඇති අතර එදින රාත්‍රියේ එම සැකකරු රෝහලට පැමිණ තිබුණේ රථ ගාලකදී තමාට පිහි ප්‍රහාරයක් එල්ල වූ බව පවසමිනි.

නමුත් පසුව හෙළිවී ඇත්තේ එම පුද්ගලයා එදිනම සවස එම ඝාතන සිදුකර අසත්‍ය තොරතුරු ලබාදී රෝහල්ගත වී ඇති බවයි.

Related posts

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin

ඉතාලියේ සංචාරයක නිරත වූ අගමැති යළි දිවයිනට

colombotoday

මර්වින් සිල්වා ශ්‍රී ලනිප යේ සාමාජිකත්වය ලබාගනී

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday