Colombo Today Local News

වාහන ආනයනයට කොළ එළියක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවය.

ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

“වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න රජය තීන්දු කරලා තියෙනවා. මහ බැංකුවත් ඒ ගැන එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දැනුම් දෙන්නම් ඒකට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට විවිධ අය සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සියල්ල සලකා බලලා අපේ මුදල් පිටට එකපාර ගලාගෙන යන්නේ නැති විදිහටත් මේක ක්‍රමානුකූලව කරන්න ඕනේ”

Related posts

අද දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම ගැන කණගාටුයි- කරුණා අම්මාන්

colombotoday

මෙරට නිෂ්පාධිත ගිනි අවි 8ක් සමඟ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday