Colombo Today Local News

ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කරලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

රටේ ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කර ඇති අතර ජනාධිපතිවරයා ඒ දේවල් අසා කර බාගෙන සිටින බවත්, එතුමා ජනාධිපති ධුරයේ ඇති ගෞරවනීයභාවය හෑල්ලුවට ලක් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‘ඔබ දිනවන කොළඹ ගමන’ යන තේමාව යටතේ පසුගියදා මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එළිදැක්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නගර සංවර්ධන වැඩපිළිවෙළ ජනගත කිරීම සඳහා පැවැති කොළඹ දිස්ත්‍රික් නියෝජිත සමුළුවකට එක්වෙමිනි.
කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීම මේ වන විට නාට්‍යමය ජවනිකාවක් වී ඇති බවද හිටපු ජනාධිපතිවරයා මෙම සමුළුවේදී පැවැසීය.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති නියෝජිත සමුළුව ඇමැතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

ගෝඨා හදපු කොළඹ අද ගද ගහනවා
අද කොළඹ නගරයේ ආරාධිත ක්‍රියාකාරීන් ඇමැතීම පිළිබඳව මම සතුටු වෙනවා. අද මේ කොළඹ නගරය ගඳ ගහන තත්ත්වයකට පත්වෙලා. කුණු ටික ඇදගන්න බැහැ. මදුරුවෝ පිරිලා. අද ඩෙංගු වසංගතයෙන් පිරිලා. අපි ලස්සනට භාරදුන්නු කොළඹ නගරය කිසිම සංවර්ධනයක් නැතුව ආපස්සට යනවා. අපි ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇන හිටලා.

අද මේ කොළඹ නගරයේ කිසිදු සංවර්ධන කටයුත්තක් වෙන්නෙ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා එදා ඇති කරපු වැඩපිළිවෙළ අපි අගය කළ යුතුයි. කොළඹ තමයි අපේ හදවත. මේ නගරය පිරිසුදු සෞඛ්‍ය සම්පන්න නගරයක් බවට පත්කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද මිනිස්සුන්ට මොකද වෙලා තිබෙන්නේ. ජීවන වියදම අහස උසට නැඟලා. ඒ නිසයි මිනිස්සු හොරකම් කරන්නේ. එය අද රැකියාවක් වෙලා.

Related posts

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

ව්‍යාජ ඉතිහාසයක් සමග දෙමළ ඊළම විකිපීඩියාවට.. අගනුවර ත්‍රිකුණාමලය

colombotoday

අලුත් අගමැතිවරයෙක් පත් කරන්න – චම්පික ජනපතිට කියයි

colombotoday

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

colombotoday

පනාමුර පොලීසියේ දී මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරයි.

colombotoday

රිමාන්ඩ් නාකොටික් නිලධාරීන්, ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වලා

colombotoday