Colombo Today Local News

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අධික උණුසුම් කාලගුණික තත්ත්වය අතරතුර පුද්ගලයෙක් පාපැදියක් තල්ලුකරමින් ඊයේ (21) දහවල් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු 72 හැවිරිදි සිව්දරු පියෙකි.

මෙරටට බලපා ඇති එල්නීනෝ තත්ත්වයත් සමඟ සිරුරට දැනෙන උණුසුම පවතින්නේ ඉහළ මට්ටමකය.

අධික උණුසුමින් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අංශ පසුගිය කාලය පුරා ජනතාවට අනතුරු ඇඟවීය.

මේ අතර දින ගණනක් පැවති වියළි කාලගුණය නිමාකරමින් ප්‍රදේශ කිහිපයකට ඊයේ (21) සිට වැසි ඇදහැලෙන අතර අද (22) පස්වරුවේ කොළඹට ධාරාණිපාත වැසි ඇදහැලුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර මහඔය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 133.5කි.

මෙරටට බලපැවැත්වුණු වියළි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර රැසක ජල මට්ටම පහළ බැස ඇති බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට ජලය සැපයීමට සිදුව ඇත්තේ මුර ක්‍රමයකටයි.

කළුතර,කුරුණෑගල,මහනුවර, මාතලේ, නුවරඑළිය, මාතර, මොනරාගල සහ රත්නපුර ආදී ප්‍රදේශ 25කට මේ වන විට මුර ක්‍රමයක් යටතේ ජලය සැපයේ.

නමුත් මෙම වැසි සහිත තත්ත්වය දින පහක් පමණ පැවතී යළි උණුසුම් තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

නැවතත් දිනූ පුටින්

Admin

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

colombotoday

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin