Colombo Today Local Newsfeatured

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

නවක වධය හේතුවෙන් ඇති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවකු සිය ගෙවත්තේ ගසක එල්ලී පෙරේදා (31දා) සියදිවි නසාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ, වඩුවාවල ප්‍රදේශයේ පදිංචි ශනිල්ක දිල්හාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙකි. 

පළමුව යාපනය විශ්වවිද්‍යාලයේ මාස හයක කාලයක් ඉගෙනුම ලබා ඇති ශනිල්ක සිසුවා පසුව ඉහත කී හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයට පැමිණ එහි මාස එකහමාරක් (1 1/2) ජාතික විද්‍යා තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා ඇති බවත් එහිදී ඔහු එකී නවක වධයට ලක්ව ඇති බවත් අනාවරණය වෙයි.

එකී නවක වධ සිද්ධිය හේතුවෙන් මානසික පීඩනයට පත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා කීපයකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ. 

එසේ ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් ඉහත කී තාක්ෂණ ආයතනයෙන් ඔහුට නිතර නිතර ලබාදී ඇති නවක වධය දරා ගැනීමට නොහැකිව ඔහු එම ආයතනය තුළ ක්‍රියාත්මක නවක වධ සිද්ධීන් පිළිබඳ ලිපියක්ද ලියා එසේ සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වෙයි. 

එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඊයේ (01දා) සිදු කර ඇති අතර එය ගෙල වැලලාගෙන සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වී ඇත.

Related posts

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

colombotoday

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

colombotoday

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

colombotoday

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා

colombotoday