Colombo Today Local News

මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්

හැටන් පොලීසියට පැමිණි පැමිණිල්ලකට අනුව හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇති බවක් වාර්ථා වේ.

එම තරුණයාගේ පියා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් නැමැත්තා පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇතැයි එම පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

වෙළෙඳාම් කටයුතු සඳහා උපකාර කිරීමට යන බව පවසා අදාළ තරුණයා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දින පියා විසින් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පියා පවසයි.

අතුරුදන් වී ඇති තරුණයා සම්බන්ධයෙන් අප හැටන් පොලීසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, පොලීසිය මේ වනවිටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවය.

එම තරුණයා පිළිබඳව තොරතුරක් වෙතොත් හැටන් පොලීසියේ 071 859 1117, 0512222222 හෝ 0512222520 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී

Related posts

බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමෙන් සිව්වන විනිසුරුවරයාත් ඉවත්වෙයි

colombotoday

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

කොටි සමරන්න ආ අයට ඇදුම් සහ ආහාර දෙමළ ජාතික සන්ධානයෙන්

colombotoday

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

“මෙරට මිනිසුන්ගේ ජීවිත පරදුවට තබා ලෝක බලවතා වීමට යන ගමන කණගාටුයි. දෙරට අතර මිත්‍රශීලී සම්බන්ධතාවය තවදුරටත් අවංක නෑ ” – චීන ජනපතිට ලිපියක්

colombotoday