Colombo Today Local NewsHot NewsTop Stories

මිලේනියම් සිටී මහා පාවාදීමේ වැරදිකරුවන්ට උසස් වීම්, තානාපති තනතුරු දීලා.. ලක්ෂ ගණන් හිග වැටුප් සහිතව විශ්‍රාම වරප්‍රසාද

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්‍රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඉඩ දීම හරහා මෙම පාවාදීම සිදුව තිබුනා. එම බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග මෙම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමටද කොටි ත්‍රස්තවාදීන් ක්‍රියා කළා. මෙම පාවා දීම සදහා ආරක්ෂක අංශයන්හිම ඇතැම් නිළධාරීන් සම්බන්ධව සිටින බවටද හෙළිවුනා.

මෙම මිලේනියම් සිටි මහා පාවාදීම හමුවේ එවකට පැවැති ජනාධිපති කොමිසමක්‌ මගින් වරදකරුවන් කර ඉදිරිපත් කළ නිර්දේශ අනුව යුද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ හමුදා නිලධාරින් කණ්‌ඩායමක්‌ යළි සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන බවට වාර්තා වේ.

මෙහිදී සේවයෙන් පහ කර සිටි ඇතැම් හමුදා නිලධාරීන්ට හිඟ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් ලක්‌ෂ ගණනින් මුදල් ලබාදීමට ද යුද හමුදාව කටයුතු කර තිබෙන බවට සදහන්. එවකට යුද හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරිව සිටි කර්නල්වරයකු හා යුද හමුදා පොලිසියේ රාජකාරි කළ උසස්‌ නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් පිරිසකට මෙම වරප්‍රසාදය හිමි වී තිබේ.

මෙම පිරිස සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමේදී එදා සිට අද දක්‌වා කාලය තුළ ඔවුන්ට හිමි උසස්‌වීම් පවා ලබාදී විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා. මිලේනියම් සිටි පාවා දීමට සම්බන්ධ හමුදා නිලධාරීන් යළි සේවයේ පිහිටුවා මෙලෙස විශ්‍රාම ගැන්වීමේදී එක්‌ නිලධාරියකුට විදේශ තානාපති සේවයේ ඉහළ ධුරයක්‌ ලබාදීමටද රජය පියවර ගෙන තිබෙන බවට සදහන්.

පසුගිය 2002 වසරේදී සිදුවූ මෙම “මිල්නියම් සිටි” මහා පාවාදීම හේතුවෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් රාශියක්‌ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය.

nethgossip

Related posts

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදුන් විනිසුරුට උසස්වීමක්

colombotoday

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්

colombotoday

“ජන අරගලයට හිසක් පාර්ලිමේන්තුවට හදවතක්” – මහින්ද ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

colombotoday