Colombo Today Local News

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

එළ⁣ඹෙන මැයි 17වන දින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිතබව අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කර සිටියේය.

සැබෑ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යාමත්, එට්කා ගිවිසුමේ කටයුතු ඉදිරියට ගෙන යාමට බලධාරීන් ගන්නා අත්තනෝමතික උත්සහයට විරෝධය පළ කිරීමටත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරනබව සංගමය පවසයි.

එමෙන්ම සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාලීය වෛද්‍ය පීඨයට සෘජු ලෙස අන්තර් ග්‍රහණය කර අර්බුද නිමා කරලීම සඳහා නව උසස් අධ්‍යාපන ඇමතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

මෙම තීරණ ඊයේ (10) පැවති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාවේදී ගෙන තිබේ.

Related posts

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

සීවලී හිමි සොයා මැරයන් පන්සලට කඩා පනිති. සාමනේර හිමිනමකට දරුණු ලෙස පහරදී පලා යයි

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

ජනාධිපති කාර්යාලයේ දනුම්දීමෙන් සියලු දෙනා ඉල්ලා අස්වෙයි

Admin