Colombo Today Local News

මෙක්සිකෝවේදී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවේ

මෙක්සිකෝවේ “Oaxaca” ප්‍රාන්තයේ වෙරළේ තිබී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් නීතිවිරෝධී ලෙස අමෙරිකාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී බෝට්ටුව අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරේ.

මියගිය පිරිස අතර කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි බව සඳහන් ය.

එම බෝට්ටුවේ සිටි තවත් එක් අයෙක් දිවි ගලවාගෙන ඇති අතර බෝට්ටුව පැදවූ පුද්ගලයාට කුමක් වූයේද යන්න අපැහැදිලිය.

මෑතක සිට නීතිවිරෝධී ලෙස අමෙරිකාව ට සංක්‍රමණය වීමට උත්සාහ දරන පුද්ගලයින්ගේ ගණන වැඩිවී ඇති අතර එම පුද්ගලයින් බහුලව මෙක්සිකෝව හරහා අමෙරිකාවට යෑමට උත්සාහ ගන්නා බව සඳහන් වෙයි.

Related posts

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

colombotoday

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

Admin

වීරකැටියේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් 6ක් අත්අඩංගුවේ

Admin

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin