Colombo Today Local News

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් නොකරන බව අමාත්‍ය පාඨලී රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තුවට මෙම ගිවිසුම ඉදිරිපත් කර සියලු දෙනාගේ එකඟත්වය ලැබුණු පසුව ඊට අත්සන් කළ හැකි බවද ඇමතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් MCC ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණු අතර, අමාත්‍ය මංගල සමරවීර දක්වා තිබුනේද එවැනිම අදහසකි.

මීට එරෙහිව සුප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ නිදහස් චතුරස්‍රෙය්දී උපවාසයක් ආරම්භ කළ අතර, එය අති විශාල බෞද්ධ ජනතාවකගේ කම්පනයට හේතු විය.

ගොඩනැගෙමින් පවතින අවාසිදායක තත්ත්වය හමුවේ, ‘MCC ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් නොනකරන බව“ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා ඊයේ රාත්‍රියේ ලිඛිතව පොරොන්දුවක් ලබා දීමෙන් අනතුරුව ස්වාමින්වහන්සේ විසින් උපවාසය අත්හැරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් රටට අහිතකර MCC ගිවිසුම මුළුමනින්ම අතහැර දමන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී නොමැති අතර, මෙය ගොඩනැගෙමින් පවතින අවාසිදායක තත්ත්වය හමුවේ තාවකාලිකව අඩියක් පස්සට ගැනීමක් පමණක් බවත්, ඔහු ජනාධිපතිවරණය ජයගතහොත් අගමැති රනිල් යටතේ MCC ගිවිසුම අවස්ථාව ලද පළමු අවස්ථාවේම අත්සන් කරනු ඇති බවත් දේශපාලන විචාරකයන් පවසති.

Related posts

ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන (Video)

colombotoday

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday

උදයංග අත්අඩංගුවට

Admin

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

colombotoday

සුසිල්, දයාසිරි රනිල් සමග පැටළේ.. තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව යළි රත්වෙයි

colombotoday

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin