Colombo Today Local News

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී තිබෙන්නේ පාතාල කල්ලි සාමාජිකයෙකු වන “මන්නා රමේෂ්” නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි “මන්නා රමේෂ්” නමැත්තා ඩුබායිහි සැඟව සිටින බව වාර්තා විය.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු මෙරටට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් කර තිබුණි.

Related posts

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

colombotoday

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

colombotoday

හිටපු STF ප්‍රධානියා රිමාන්ඩ්.. චෝදනාව, වාහන අවභාවිතා

colombotoday

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

colombotoday

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday