Colombo Today Local NewsTop StoriesVideo

කුඩු මුදලාලිලාට වැඩ කරන සංඝ කල්ලිය බුදුදහමට අභියෝගයක්. – මංගල සමරවීර භික්ෂුන් වහන්සේලාට පන්න පන්නා අපහාස කරයි

බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

බුදුන්වහන්සේගේ දර්ශනයේ සැබෑ ස්වරූපය අද සමාජගත වී නැත්තෙත්, විකෘති අදහස් දිනෙන් දින සමාජගත වෙමින් ඇත්තෙත් එවැනිකල්ලි කණ්ඩායම් නිසා බවද හිටපු ඇමතිවරයා සඳහන් කර සිටියි.

”අද යම් තරමකින් හෝ බුදුන්ගේ දර්ශනය මේ සමාජය තුළ ඉතිරි වෙලා තියෙනවා නම් ඒ තියෙන්නෙ, අතීතයේ සිට මේ දක්වා බද්ධ ශාසනය සුරැකි, භික්ෂු ශාසනය පෝෂණය කළ විනයධර, ධර්මානුකූල සිල්වත් භික්ෂූන්ව හන්සේලාගේ කැපකිරීම් නිසා.

ඇත්ත වශයෙන්ම ඒ භික්ෂූන් වහන්සේලාට අපේ ගෞරවය පුද කළ යුතුයි.

ඒ නිසාම ශාසනය විනාශ කරන කල්ලි කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන්න අපි දෙවරක් සිතන්න අවශ්‍ය නෑ. මොකද බුදු හාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් මේ වගේ කල්ලි හිටියා. දේවදත්ත කල්ලිය භික්‌ෂූ කල්ලිය බුදුන් දවසේ කල්ලිවාදයට හොඳම උදාහරණ” යයි මංගල සමරවීර ප්‍රකාශ කර සිටියි.

Related posts

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

colombotoday

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

බුර්කාවක් ඇදගෙන නායකකන්ද දෙවස්ථානය අසල සැරිසැරූ අයෙක් අල්ලයි… එකෙක් පැනයයි…

colombotoday

කොළඹ නිවාස හිමි මැති ඇමැතිවරුත් ගෙවල් ඉල්ලලා. යහපාලන ඇමැතිවරුන් නිල නිවාස තවමත් නැවත දී නැහැ

colombotoday

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday