Colombo Today Local News

සිවාජිලිංගම් ඇතුළු පිරිසක් මණ්ඩතිව් කඳවුර මනින්න ආ මිනින්දෝරුවරු එලවා දමති

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මණ්තිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාල නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරුවරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබිණි.

අදාල පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.

නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේතම එකඟ නොවන බවයි.

Related posts

ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!

Admin

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin

අර්ජුන් මහෙන්ද්‍රන් ‘තාවකාලිකව’ ඉවත් කිරීමට අගමැති එකගයි.. කිළිකුණු හෝදා නැවත අධිපතිකමට ගතහැකියි !

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin