World

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් තබ්ලික් ජමාත් ඉස්ලාම් සංවිධානය විවේචනය කළ බවට චෝදනා කරමින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ප්‍රයග්‍රාජ් හි පදිංචිකරුවෙකු ඔහුගේ නිවස අසල තේ කඩයක් තුලදී වෙඩි තබාඝාතනය කර ඇත.

මියගිය පුද්ගලයා නයිසාමුදීන් හි තබ්ලිගි ජමාත් සමුළුව පිළිබඳව අදහස් දක්වමින් කොරොන වෛරස් රෝගීන් සිය ගණනක් ප්‍රාන්ත පුරා අනාවරණය වී ඇත්තේ මෙම සමුළුව නිසා බව පවසා ඇත. එහිදී ඔහු තේ කඩයේ සිටි තවත් පුද්ගලයෙකු සමඟ බහින්බස් වීමක් ඇති වී තිබේ.

ඊයේ (5) ඉරිදා උදෑසන 9.30 ට පමණ දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී වෙඩි තැබීම සිදු වී ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් වෙඩි තැබූ පුද්ගලයා අල්ලා පොලිසියට භාර දී ඇත.

මේ අතර, සාමය පවත්වා ගෙන යන ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොසන්සුන්තාවයක් ඇති නොකරන ලෙසත් ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මියගිය පුද්ගලයාගේ පවුලට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් උත්තර් ප්‍රදේශ් රජය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.

Related posts

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනා

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday