Colombo Today Local News

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ ‘මෑන් ඉන් ද අයන් ලන්ග්’ එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් අමෙරිකාවේ ඩලාස්හි රෝහලකදී මියගොස් තිබේ.

මියයන විට ඔහු 78 වැනි වියේ පසුවිය.

වයස අවුරුදු 6දී පෝලියෝ වෛරසය වැළඳුණු පෝල් එහිදී අංශභාග රෝගයටද ගොදුරුව තිබුණි.

ඉන්පසුව ඔහුගේ සිරුරේ පහළ කොටස අප්‍රාණික වී ඇති අතර එතැන් පටන් ඔහු ජීවත්වූයේ මෙම කෘත්‍රීම පෙනහළු යන්ත්‍රය ආධාරයෙනි.

තම මුව භාවිත කරමින් සිතුවම්කරණයේ සහ ලේඛනයේ නිරත වන පෝල් ග්‍රන්ථයක්ද රචනාකර ඇති අතර, ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක්ද ලබා ඇත.

ඔහු ඉතිහාසයට එක්වන්නේ කෘත්‍රීම පෙනහළු යන්ත්‍රයක ආධාරයෙන් වැඩිම කලක් ජීවත්වූ මිනිසා ලෙසය.

Related posts

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පවරන්නේ නෑ- නාමල්

colombotoday

මංකිපොක්ස් ගැන දැනුම්දීමක්

Admin

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

colombotoday

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

colombotoday

ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දෙයි

colombotoday