Colombo Today Local News

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

පොලිසිය පවසන්නේ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක ජන. 23 වන දා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් සැකකාරියක ඊයේ (පෙබ. 21) අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන දේවගල, වේරගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලිසිය සඳහන් කළේ, මෙම හිමිනම වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීම, රැකවරණය දීම සහ සත්‍ය තොරතුරු වසන් කළ සැකකාරිය අරලගංවිල පොලිස් වසමේ වේරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

චැනල් 4 ඇවිස්‌සෙයි – ඩයස්‌පෝරාවේ කෙප්ප හෙළි කරන්න නේස්‌බි සාමි ජිනීවා සමුළුව අමතයි

colombotoday

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday

කොළඹදී ගහනවා නම් ගම්වලදී කරන්න අරගලයට දේශපාලකයන් බයයි – සරත් ෆොන්සේකා

Admin

වෙනත් රටක ආශිර්වාදයෙන් ප්‍රභල මාරුවක්

Admin