Colombo Today Local News

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

පොලිසිය පවසන්නේ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක ජන. 23 වන දා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් සැකකාරියක ඊයේ (පෙබ. 21) අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන දේවගල, වේරගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලිසිය සඳහන් කළේ, මෙම හිමිනම වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීම, රැකවරණය දීම සහ සත්‍ය තොරතුරු වසන් කළ සැකකාරිය අරලගංවිල පොලිස් වසමේ වේරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සහරාන් සහ නීතිඥ හිස්බුල්ලා මද්‍රසා පාසල් ළමුන්ට අවි පුහුණු ලබා දුන් බව හෙළිවේ

colombotoday

හර්ෂ අනුරට සුබ පතයි

Admin

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

මුඛ ආවරණ පැළඳ නොසිටි වෙළෙන්දන්ට නඩු පවරයි

colombotoday