Colombo Today Local News

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට පත්වන අන්දමින් කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා එහිදී අප්‍රසාදය පළකර අතැයිද වාර්තාවේ.

මේ අතර තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා විසින් අද දහවල් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට එරෙහිව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද පැවැසේ.

ජනාධිපති කාර්යාලයේදී අද දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තාවේ.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද දැනගන්නට තිබේ.

තරුණයින් අතුරුදන් කිරීමේ චෝදනාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතාට එල්ලවී නැතිබවත්, ඔහුට ඇත්තේ සැකකරුවකුට රටින් පැනයාමට උදව් කළ බවට නැගෙන චෝදාවක් පමණක් බවත් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන් කිහිපදෙනකුත් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක් ද ඇතිවූ බව වාර්තාවේ.

Related posts

මෛත්‍රිපාල සිරිසේනට ඔල්මාදේ.- ශ්‍රිනිප ව්‍යවස්ථාව වෙනස් කළේ පුතාට තැනක් හදන්න

colombotoday

නිදහස් පක්ෂ – පොහොට්ටු තෙවන සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්

colombotoday

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday

පංති කාමරයට කොස්ගහක් කඩන් වැටී දරුවන් අටක් රෝහලේ…

Admin

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday