පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හේතුවෙන් අවුරුදු නිවාඩුවට වසා තැබුණු පාසල් යළි විවෘත කිරීම කල් තැබුණු අතර එළඹෙන සඳුදා එම පාසල් යළි විවෘත කිරීමට නියමිතව ඇත.
පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවීමට තීරණය කර ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අංශවලට පහසුවක් වීම සඳහා පාසල් පොත් රැගෙන ඒමට විනිවිද පෙනෙන බෑගයක් භාවිතා කරන මෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සියලුම දෙමව්පියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.